Tamil (Sri Lanka)English (United Kingdom)

වැඩසටහන් දිනදර්ශනය

නොවැම්බර් 2014
බ්‍ර සි සෙ
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6
ඔබ මෙතනයි : අංශ කලා අංශය

කලා අංශය

සංස්කෘතික ක්ෂේත්‍රයට අයත් සියලු කටයුතු ප්‍රවර්ධනය කිරීම අරමුණ වේ. මේ සඳහා ප්‍රධාන කාර්යාලය කේන්ද්‍රය ස්ථානය වශයෙන් පවත්වා ගනිමින් කටයුතු මෙහෙයවනු ලැබේ. සැම ප්‍රාදේශය කාර්යාලයක් සඳහාම සංස්කෘතික නිලධාරින් පත්කර ඇත. දිස්ත්‍රික් මට්ටමින් සංස්කෘතික සහකාර අධ්‍යක්ෂවරු පත්කර ඇත. ජාතික මට්ටමේ සංස්කෘතික මෙහෙය වීම හා සංවිධානය කිරීම අරමුණ වේ.

කලා අංශය මගින් පහත සදහන් සේවාවන් ක්‍රියාත්මක කරනු ලැබේ.

01. පාරම්පරික චිත්‍ර ශිල්පී ව්‍යාපෘතිය

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ආධුනිකත්ව පුහුණු කිරීමේ අධිකාරිය යන ත්‍රිත්ව ආයතනයන්ගේ අනුග්‍රහය යටතේ පවත්වාගෙන යනු ලැබේ.

ප්‍රවීණ චිත්‍ර ශිල්පී එස්.පී.චාර්ල්ස් මහතාගේ මෙහෙයවීම යටතේ මෙය ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ සිංහල කලා සහ මෝස්තර පිළිබඳ කථිකාචාර්ය හා අංශ ප්‍රධානියාව සිටි කලාසූරී ඇස්.පී.චාර්ල්ස් චිත්‍රාචාර්යවරයාගේ නිගමනය වන්නේ මෙය ලංකාවේ උපාධිය හැර රාජ්‍ය අනුග්‍රහය දක්වන එකම පාඨමාලාව බවයි. මෙය අන්තර් ජාතික ඩිප්ලොමාවක් හා සමාන බව චාර්ල්ස් මහතා පවසා ඇත.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මෙම චිත්‍රශිල්පී ව්‍යාපෘතිය ට මූල්‍ය දායකත්වය සපයයි.

ඉහලට

02. කලායතන ලියාපදිංචි කිරීම හා ආධාර සැපයීම

පෞද්ගලික කලායතන සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමේ නව ව්‍යවස්ථා මාලාවේ අංක 05 යටතේ දැක්වෙන සුදුසුකම් සහිත අයෙකු විසින් හෝ එවැනි සුදුසුකම් සහිත ආචාර්ය මණ්ඩලයක් යොදවා වෙනත් අයෙකු විසින් හෝ මණ්ඩලයක් විසින් පවත්වාගෙන යන, සිසුන් 20 දෙනෙකුට නොඅඩු සංඛ්‍යාවකගේ සාමාන්‍ය දෛනික පැමිණීමක් ඇති, ව්‍යවස්ථා මාලාවේ අංක 02 යටතේ ඇති නිර්දිෂ්ට වර්ගයන්ගෙන් එකකට අදාළ කලා විෂයයන් උගන්වන්නා වූ රජයට අයත් නොවන ආයතන සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරනු ලබයි.

ග්‍රාමීය මට්ටමේ නිදන්ව පවතින දේශයට ආවේනික සංස්කෘතික අංගයන් ඔප් නැංවීමට දෙපාර්තමේන්තු දායකත්වය ලබාදීම කලායතන හරහා සිදුකරනු ලබයි. පුද්ගලික කලායතන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරගනිමින් මූල්‍යමය හා මූර්තමය ආධාර යැවීම තුළින් කලායතන දිරිගැන්වීම කලායතන ලියාපදිංචි කිරීමේ මූලික අරමුණයි. තුර්ය භාණ්ඩ හා උපකරණ සපයමින් කලායතනයන් හරහා නර්ථන, නාට්‍ය, චිත්‍ර ඇතුලු දේශීය සංස්කෘතික අංගයන්හි ප්‍රවණතාවක් අපේක්ෂා කරනු ලැබේ.

ඉහලට

03. කලාකරුවන් සඳහා වන ජාතික භාරය

වර්තමාන රජයේ මහින්ද චින්තනයේ කලාකෙත අස්වැද්දීම තේමාව යටතේ ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සියලුම කලාකරුවන්ගේ සුභසිද්ධිය උදෙසා මෙම භාරය පිහිටුවා ඇත.

මේ සඳහා නාට්‍ය, සංගීත, නර්තන, රූපවාහිනී, සිනමා ආදී ප්‍රාසාංගික කලාකරුවන් මෙන්ම ලේඛකයින්, කවියන්, චිත්‍රමූර්ති ශිල්පීන් ආදී ප්‍රාසාංගික නොවන සියලුම කලාකරුවන් ද අයත් වේ.

ශ්‍රී ලාංකීය සියලුම කලාකරුවන්ගේ සුබ සාධනය, කලා කටයුතු හා ප්‍රවර්ධනය කලාකරුවන්ගේ දක්ෂතා අගය කිරීම, දක්ෂතා ඔප් නැංවීමට අවශ්‍ය පහසුකම් ලබාදීම, අවශ්‍ය ශිල්පීය පුහුණු ලබාදීම, කලාකරුවන්ගේ අභාවයකදී අවමංගල්‍යාධාරයක් ලබාදීම, පොදුවේ සියලුම කලාකරුවන්ට නිරවුල් සහ ස්ථාවර වාතාවරණයක් මත අත්මාභිමානයෙන් යුතුව කලා ක්ෂේත්‍රය නැංවීමට අවශ්‍ය සෑම සහායක්ම ලබාදීම මෙම අරමුදලේ අරමුණයි. මහාභාරකාර දෙපාර්තමෙන්තුව මෙහි මූල්‍ය කටයුතු පාලනය කරයි. මේ අරමුදල දියුණු කර ගැනීම සඳහා දේශීය හා විදේශීය ආධාර අපේක්ෂා කරනු ලැබේ.

ඉහලට

04. සංස්කෘතික වටිනාකමින් යුත් විවිධ සංස්කෘතික අංගයන්ට හා පුද්ගලයන්හට ආධාර සැපයීම

සංස්කෘතිකමය වටිනාකමින් යුත් පෙරහැර, විවිධ උත්සව හා විවිධ කලා ක්ෂේත්‍රයන්හි නියැලුණ කලාකරුවන්ගේ අසනීප ආපදා අවස්ථාවලදී හා කලාකරුවන්ගේ අවමංගල්‍ය කටයුතුවලදී ආධාර මුදලක් ගෙවීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් කටයුතු යොදා ඇත.

  1. අගහිඟ කලාකරු ආධාර
    කලා ක්ෂෙත්‍රයේ නියලී සිටි, ස්ථිර ආදායමක් හෝ විශ්‍රාම වැටුප් නොලබන වයස අවු. 60 ඉක්ම වූ කලාකරුවන්ට මෙම ආධාර ලබාගත හැකිය. ඒ සඳහා තමන් අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් අයදුම්පත් ලබා‍ගත යුතු අතර ප්‍රාදේශීය ලේකම් ගේ නිර්දේශය සමග සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට අයදුම්පත් යොමු කළ යුතුය. මෙය වර්ෂය පුරාම ක්‍රියාත්මක වැඩ සටහනකි.
    මෙම මුදල් , වසරක් පාසා ගෙවනු ලැබේ. රු.2500/- බැගින් ගෙවූ මෙම ආධාර මුදල 2008 වසරේ සිට රු3000/- දක්වා ඉහල දමා ඇත.
  2. පෙරහැර ආධාර
    දිවයිනේ විවිධ පළාත්වල එම පළාත්වලට ආවේනික සංස්කෘතික හා සමාජ වටිනාකමක් ඇති පෙරහැර පවත්වනු ලබන අතර එම පෙරහැර අඛණ්ඩව පවත්වා ගෙන යමින් ආරක්ෂා කිරීම සඳහා කරනු ලබන ඉල්ලීම් සලකා බලා පෙරහැර ආධාර මුදල් ගෙවනු ලැබේ. මෙම ආධාර ඉල්ලීම් ප්‍රාදේශීය හෝ දිස්ත්‍රික් ලේකම් ගේ නිර්දේශ සමග සංස්කෘතික දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතු අතර ආධාර මුදල් ප්‍රාදේශීය ලේකම් මගින් ලබාදීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලැබේ.
  3. විවිධ උත්සව ආධාර
    සංස්කෘතික වටිනාකමින් යුත් විවිධ උත්සවයන් සඳහා දෙනු ලබන ආධාරයකි. විවිධ කලා ක්ෂේත්‍රයන්හි නියුතු පුද්ගලයින් හා සංවිධාන මගින් සංවිධානය කරනු ලබන විවිධ සංස්කෘතික උත්සව සඳහා සංස්කෘතික දෙපාර්තමේන්තුව මගින් ආධාර මුදල් ගෙවනු ලැබේ. මෙම ආධාර ඉල්ලීම් ප්‍රාදේශීය හෝ දිස්ත්‍රික් ලේකම් ගේ නිර්දේශ සමග සංස්කෘතික දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතු අතර ආධාර මුදල් ප්‍රාදේශීය ලේකම් මගින් ලබා දෙනු ඇත.
  4. අවමංගල්‍යාධාර
    රටට කීර්තියක් ගෙන දුන් කීර්තිමත් කලාකරුවන්ගේ මියයාමේදී ඔවුන්ගේ අවමගුල් කටයුතු සඳහාත් ඇතැම් කලාකරුවන් මියගිය අවස්ථාවල ඔවුන්ගේ තෙමස් පූර්ණ දානමය පින්කම් සඳහාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් ආධාර දෙනු ලැබේ. මෙම ආධාර දෙනු ලබන්නේ ඔවුන්ගේන් රටට හා කලා ක්ෂේත්‍රයට සිදු වූ සේවාව ඇගයීම වෙනුවෙනි.
  5. වෛද්‍යාධාර
    කලාකරුවන් රෝගාතුර වීමෙන් අසරණ වෙන අවස්ථාවන් හිදී ඔවුන්ට වෛද්‍ය පහසුකම් ලබාගැනීම සදහා දෙනු ලබන ආධාර ක්‍රමයකි. මෙය වර්ෂය පුරාම ක්‍රියාත්මක වැඩසටහනකි. අගහිඟකම්වලින් පෙළෙන ඇතැම් කලාකරුවන් ඔවුනට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මුදල් නොමැති වූ විට යම් ආධාරයක් කරන ලෙස ඉල්ලා සිටීමේදී ඔවුන්ගේ වෛද්‍ය වාර්තා හා ප්‍රාදේශීය ලේකම් ගේ නිර්දේශ මත ආධාර මුදල් ගෙවනු ලැබේ.

ඉහලට

05. සංස්කෘතික සංගම් ලියාපදිංචි කිරීම

විධිමත් සංවිධාන රටාවකින් සංයුක්ත වූ සංස්කෘතික මෙහෙවරක් වෙනුවෙන් කේන්ද්‍රගත වූ ග්‍රාමීය හෝ ප්‍රාදේශීය හෝ සමස්ත ලංකා මට්ටමින් හෝ සංවිධානගත වූ ස්වේච්ඡා පිරිස් බල එකතුවක් විසින් සම්මත ව්‍යුහයක් තුළ පිහිටුවා ස්ථාපිත කරගනු ලබන සංවිධාන සංස්කෘතික සංගමයක් ලෙස පිළිගනු ලැබේ.
මෙම සංගම් ලියාපදිංචි කිරීම සදහා ව්‍යවස්ථාවක් සම්පාදනය කර ඇති අතර සංගම් සඳහා ආධාර මුදල් නොගෙවනු ලැබේ.

මේ වනවිට ලංකාව පුරා සංස්කෘතික සංගම් 451 ක් ලියාපදිංචි වී ඇත.

ඉහලට

06. කලාදේවී රක්ෂණය කලාකරු රක්ෂණය

අගහිඟ කලාකරු ආධාර ලබන කලාකරුවන් අතරින් කලාදේවී රක්ෂණය සදහා දැනට 19 දෙනෙකු දායක වී ඇත. ඔවුනට ලැබෙන අගහිඟ ආධාර මුදලින් රු.. 900/- බැගින් රක්ෂණ සංස්ථාව වෙත යවනු ලබන අතර හදිසි අනතුරකදී අසනීපයකදී මෙම රක්ෂණ ප්‍රතිලාභ ලබාගත හැකි වේ. වයස අවුරුදු 75 පිරීමෙන් පසු මෙම ප්‍රතිලාභ අහෝසි වේ.

ඉහලට

07. සරස්වතී විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය

2008/08/11 දින සමාජ හා සමාජ සුභසාධක අමාත්‍යාංශය යටතේ ස්ථාපනය කර ඇති ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව ස්ථාපිත කරන ලද නව වැඩ සටහනකි. අසරණභාවයට පත් කලාකරුවන් රැකබලා ගැනීම සහ ආර්ථික ශක්තිය වර්ධනය කිරීම ජාතියක යුතුකමක් වන අතර රජයේ වගකීම ද වේ. මෙම යුතුකම හා වගකීම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා කලාකරුවන් සදහා ස්ථාපිත රාජ්‍ය විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය හදුන්වාදී එමගින් කලාකරුවන්ට ස්ථිර මාසික විශ්‍රාම වැටුපක් ලබාදීම මෙමගින් සිදු කෙරේ.

මෙම යෝජනා ක්‍රමයේ විශේෂත්වය වනුයේ විශ්‍රාම ගිවිසුම් ඔප්පුව වෙනුවෙන් ගෙවිය යුතු මාසික විශ්‍රාම වාරික මුදල් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ගෙවීමයි.

වයස අවුරුදු 18 – 59 අතර කලා ශිල්පීන්/ශිල්පිණියන් මෙම විශ්‍රාම වැටුල්  ක්‍රමයට හිමිකම් ලබයි. මොවුන් රජයේ වෙනත් විශ්‍රාම වැටුප් ප්‍රතිලාභයකට හිමිකම් නොමැති අයකු ,ගොවි හෝ ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක දායකයකු නොවිය යුතුය.

වයස අවුරුදු 18 - 55 අතර දායකත්වය ලැබූවිට අවුරුදු 60 සිට ජීවිතාන්තය දක්වා මාසික විශ්‍රාම වැටුපක් සහ වයස 56 – 59 අතර දායකත්වය ලැබීමේදී බැදුණු දින සිට වසර 5 කට පසු ජීවිතාන්තය දක්වා මාසික විශ්‍රාම වැටුපක් හිමිවීම.

සරස්වතී විශ්‍රාම වැටුප් ක්‍රමයේ මුල්ම ඔප්පුලාභීන් වූයේ එම්.ජී.උපසේන මහතා, ටී.වයි.ජී.උපනන්දමහතා, ඕ.පි.ජී.රවීන්ද්‍ර සම්පත් ශ්‍යාමකුමාර මහතා, එස්.වයි.ජී.විජේසේන මහතා, ටී.වයි.ජී.සිරිපාල මහතා යි. මෙම කලාකරුවන්ට 2009 මහනුවර ශ්‍රී දළදා පෙරහැර අවසානයේ අතිගරු ජනාධිපතිතුමා අතින් ඔප්පු පිරිනමන ලදී..

පිළිවෙළින් වයස අවුරුදු 59, 58, 57 සපිරූ කලාකරුවන් 71 දෙනෙකු සදහා ඔප්පු ප්‍රදානය සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී 2009.10. 21 දින සිදු කරන ලදී. දැනට එම සංඛ්‍යාව 81 දක්වා වැඩිවී ඇත.

මොවුන් සඳහා මාසිකව රු. 2,55,802/- ක මුදලක් සංස්කෘතික දෙපාර්තමේන්තුව වෙතින් සමාජ ආරක්ෂණ මණ්ඩලය වෙත යවනු ලැබේ. 2013 වසරේ සිට මෙම ඔප්පුලාභීන්හට මාසිකව රු.3000/- කට වැඩි මුදලක් මාසික විශ්‍රාම වැටුප් ලෙස ලැබෙන අතර ජීවිතාන්තය දක්වා එය ක්‍රියාත්මක කෙරෙනු ඇත.

ඉහලට

08. කලාභූෂණ සම්මාන උළෙල

සංස්කෘතිකමය වශයෙන් රටක ජීවනාලිය බදු කලාකරුවන් තමන්ගේ කාලය, ධනය, ශ්‍රමය, කැපකර විවිධ වූ සංස්කෘතික අංගයන් රැකගැනීමෙහිලා පුරෝගාමීව කටයුතු කළ ද නිසි අයුරින් ඔවුන් ඇගැයීමකට ලක් නොවූ නිසා 1984 වසරේදී සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමන් හා සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂතුමන් විසින් මොවුන් ඇගැයීමට කලාභූෂණ උපහාර උළෙල ආරම්භ කරන ලදී. මෙතැන් පටන් වසරක් පාසා ඔවුන්ගේ සේවාවන් අගයමින් උපහාර ලබන කලාකරුවන් සංඛ්‍යාව වසරින් වසර වැඩි විය. විවිධ ක්ෂේත්‍රයන්හි (සංගීත, නැටුම්, නාට්‍ය, සාහිත්‍ය, චිත්‍රමූර්ති, ලේඛන කලාව, විවිධ ආදී වශයෙන්) නියැලුනු කලාකරුවන් (සිංහල, දමිළ, මුස්ලිම්) ජාති ආගම්‍ භේදයකින් තොරව උපහාරයට බදුන් විය. මුස්ලිම් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා හින්දු සංස්කෘතික දෙපාර්තමේන්තුව මෙහිදී සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග එක්ව කටයුතු කරනු ලබයි.

ඉහලට

අවසන් යාවත්කාලීන කිරීම ( 2012 මාර්තු 19 වෙනි සදුදා, 10:49 )